රෝග මර්ධනයේ සහජ හැකියාව හීන වීමේ එච් අයි වී අසාධිතයන් ඇතුළු ලිංගාශ්‍රිත රෝග වලට අලුතින් එකතුවන තරුණ රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 70-75 ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි කියයි.
ලිංගික රෝග වලට ගොදුරු වන වයස අවුරුදු 20-49 අතර පසුවන්නන් සහ එච් අයි වී ආසනයට ලක් වන වයස අවුරුදු 25-29 අතර පසුවන්න්නගේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇත.
තරුණ දරුවන්ට වැළදෙන ලිංගාශ්‍රිත රෝග අතර ලිංගික ඉන්නන් ,ලිංගික හර්පීස් , ගොනෝරියා,ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහය ට්‍රයිකෝ මොනසියාව හා උපදංශය (සිපිලිස් ) වැනි රෝග බහුලව වාර්තා වන රෝග ලෙසට හඳුනාගෙන තිබේ.
පෙරට සාපෙක්ෂව වර්තමානයේ දරුවන් මෙලෙස අවාසනාවන්ත තත්ත්වයකට උරුම වී ඇත්තේ නොදැනුවත් බව ,අසීමාන්තික නිදහස,වගකිව යුතු අංශ ,දෙමාපියන් ,ගුරුවරුන් ,සහෝදරයන් මගින් දරුවන් දැනුම්වත් නොකිරීම අන්තර්ජාලය සහ අධි තාක්ෂණයෙන් යුතු අන්තර්ජාලය සහ දුරකතන භාවිතය ඉහළ යෑමය.
අශාවන් සංසිඳුවා ගැනීමට අත්හදා බැලීම් කිරිමට යාමෙන් භයානක රෝගවලට ගොදුරු වීමට හේතු වී ඇත.
මෙලෙස සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ඇති මාතෘකාවක් පිළිබඳ මාධ්‍යයෙන් වසරකට එක් දිනක් පමණක් කතා කිරීමද,කනගාටුවට කරුණක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

