ඉඳුනිල් විශාරද උපාධියට ලැහැස්ති වෙනවා


2017-01-24-ent-45

2017-01-24-ent-46නිවේදිකාවක්, රංගන ශිල්පිණියක් මෙන්ම ගායිකාවක් ලෙසද අතිශය ජනප්‍රිය ඉඳුනිල් නුගවෙල මේ දිනවල සිය විශාරද උපාධියට සූදානම් වෙන බව සඳහන් වේ. මෑත කාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස නිතර දකින ඉඳුනිල්, සිය අලුත්ම තොරතුරු ‘සාරවිට’ අපිට මෙසේ පැවසුවෙමු.

“මේ දවස්වල වැඩිපුරම මම අවධානය යොමු කරලා තියෙන්නේ මගේ විශාරද උපාධිය සඳහා. මේ අවුරුද්ද අවසන් වෙන කොට මම විශාරදවරියක්. රංගනය පැත්තට මම තාවකාලිව විරාමයක් තිබ්බා. හේතුව මගේ විශාරද උපාධිය වගේම අලුතින් ගීත කිහිපයක් කරලා තියෙනවා ඒවා එළිදක්වන්න ඕනා හින්දා. නමුත්, ස්වර්ණවාහිණි නාළිකාවේ මා කරන වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කටයුතු සුපුරුදු පරිදි සිදු කරගෙන යනවා. ඒ වගේම ප්‍රසංග වේදිකා සඳහාත් මේ දවස්වල ගොඩක් ඇරයුම් ලැබෙනවා. ඒවාට ලැබෙන කාලවෙලාව අනුව සහභාගී වෙනවා.”