ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් බේරෙන්න විශේෂ වැඩපිළිවෙළක්


 මහනුවර ශික්ෂණ රෝහලට පෙනහලු ආසාධන ඇතිව පැමිණෙන සියලු රෝගින් පරික්ෂා කිරීමේ වැඩසටනක්  අරඹා ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1 එන්-1 වෛරසය ආසාධනය වීමෙන් වකුගඩු රෝගීන් තිදෙනෙකු මේ වන විට මියගොස් ඇති බවද,   වෛරසය ආසාධනය වු රෝගීන් තවත්  තිදෙනෙකු ප්‍රතිකාර ලබන බව ද රත්නායක මහතා කියයි. මෙම ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1  එන්-1 වෛරසය ආසාධනය විම වලක්වා ගැනිමට සහ ආරක්ෂා වීමට  රෝහල් කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.

යම් පුද්ගලයකු  සෙම්ප්‍රතිෂ්‍යාව සහිත උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම රජයේ රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද උපදෙස් දෙන බව ද  වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.