(අංජුල මහික වීරරත්න)
බයිෆේසික් අයිසොෆේන් ඉන්සියුලින් එන්නත් ( මිනිස් ) 30% ද්‍රාව්‍ය 70% අයිසොෆේන් වයල් 2,200,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධයක් වන බයිෆේසික් අයිසොෆේන් ඉන්සියුලින් එන්නත ( මිනිස්) 30% ද්‍රාව්‍ය 70% අයිසොපේන් එන්නත් වයල් 2,200,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ.
මේ සඳහා ලංසු දෙකක් ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව මෙම ඉන්සියුලින් එන්නත් ( මිනිස්) 30% ද්‍රාව්‍ය 70% අයිසොෆේන් වයල් 2,200,000 ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s M.J. Biopharm Pvt. Ltd. වෙත ඇමෙරිකා ඩොලර් මිලියන 3.98 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

