ඉන්න ඇනුණු සිසුවා මියයයි


හොරණ බුලත්සිංහල ප්‍රදේශයේදී අඹ ගසකට නැගීමට ගොස් වැටී ඉන්නක් ඇනීමෙන් කොළඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා අද පෙරවරු 10.30 ට පමණ මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

පසුගිය අඟහරුවාදා තම බාප්පා සමග කුඹුරු වැඩට ගොස් සිටියදී ගසකට නැගීමට ගොස් ඇද වැටී ඉන්නක් ඇනුණු තුෂාර ඉඳුනිල් ලක්ෂාන් (16) සිසුවාට පැය තුනහමාරක සැත්කමක් සිදු කර එම ඉන්න ඉවත් කළ අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක නිරත වූහ. 

සිසුවා බුලත්සිංහල මැදි විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.

 

SAPRE-1030-01 SAPRE-1030-02