මධ්‍යම රාත්‍රියේ සිට මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩිකර ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් වැඩි වී තිබේ. සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 8 කින් වැඩි කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මීට පෙර පැවතියේ රුපියල් 149 කට වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 161 ට අලෙවි කෙරිණි.සුපර් ඩීසල් ලීටරයක් මීට පෙරර අලෙවි වුයේ රුපියල් 133කටය .
ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලෙහි සිදුවන වෙනස්කම් අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මිල සුත්‍රය හඳුන්වා දුන්නේය.
(36698)