අජන්ත කුමාර අගලකඩ
ඉන්ධන මිල සුත්‍රය හමුවේ ඉන්ධන මිල ගණන් දිගින් දිගටම ඉහළ යන බැවින්, විදුලි ඒකකයක නිෂ්පාදන වියදම සමනය කර ගැනීම සඳහා සහනයක් සලසන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉල්ලීමක් කර ඇත.
ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.
විදුලිබල මණ්ඩලයේ විදුලි නිෂ්පදන වියදමින් සියයට 60 ක් පමණ ඉන්ධන සඳහා වැයවන බවත් එය දරාගත නොහැකි බවත්, ඇමැතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත.
ඉන්ධන සඳහා මිල සුත්‍රයක් ක්‍රියාත්මක වුවද, විදුලිබල මණ්ඩලයට එවැනි මිල සුත්‍රයක් හඳුන්වාදිය නොහැකි බව පෙන්වා දී ඇති ඇමැති සියඹලාපිටිය මහතා කෙසේ වුවද මණ්ඩලය විදුලිය නිෂ්පාදනය සඳහා දරණ අධික වියදම සමනය කර ගැනීමට සහනයක් අවශ්‍ය බව පවසා ඇත.
මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යංශය සහ ඛනිජතෙල් සංවර්ධන අමාත්‍යංශය යන අමාත්‍යංශවල නිලධාරින්ගෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.