ඉන්ධන බවුසර් 212 ක් කොළොන්නාවෙන් පිටත් වෙයි


(යොහාන් භාසුර)

කොළොන්නාව සහ ඔරුගොඩවත්ත ප්‍රධාන තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඇතුළුව රටපුරා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් අද (29) පෙරවරුවේ පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 212 ක් පිරවුම්හල් වෙත යොමුකළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එයට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර 6,600 බවුසර් 126 ක් සහ ඔටෝ ඩීසල් 6,600 බවුසර්  බවුසර් 86 ක් ඇතුළත් වූ බව කී එම නිලධාරියා ඉන්ධන පැටවීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද සදඟන් කළේය.