ඉන්ධන කෝටාව වැඩි කරයි


(යොහාන් භාසුර)

ඉන්ධන මිල ලබන මස සංශෝධනය කිරීමට සමගාමීව දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.

ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළඳ සහ අලෙවි අංශ සමග අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අනාගත ඉන්ධන ආනයන සැළසුම, බෙදාහැරීමේ සැළසුම සහ තෙල් සංස්ථා මුල්‍ය තත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කළ බව අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.