ඉන්ධන ඇනවුම් - සැපයුම් ඩිජිටල්කරණය කරයි


(යොහාන් භාසුර)

ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරමින් විද්‍යුත් උපාංගයක් (ඇප්) හදුන්වා දුන් බවත් ඒ හරහා රටපුරාම ඉන්ධන ඇනවුම් කිරීම සහ බොදාහැරීම වඩාත් ක්‍රමවත් වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා මහතා පැවසීය.

ලෝකයම ඩිජිටල්කරණයට යොමු වෙමින් තිබියදී ශ්‍රී ලංකාවට පමණක් ඉන් බැහැර වියනොහැකි බව කී නෙත්තිකුමාර මහතා එයට අනුගතවීම සඳහා ඕනෑම පිරවුම්හලකට හෝ සමාගමකට සහයෝගය දක්වන බව ද සඳහන් කළේය.

විද්‍යුත් ක්‍රමයක් හරහා ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය පාලනය වීමෙන් ඛනිජ තෙල් තොග පර්යන්තයේ සහ පිරවුම්හල් යන පාර්ශව දෙකේම කටයුතු විධිමත් සහ පහසුවී ඇති බව ද ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.