ඉන්දුනීසියාව අසළ මුහුදේ භූමිකම්පාවක්


ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද එරට වේලාවෙන් ‍උදෑසන 10.24 ට භූමිකම්පාව සිදුව ඇත. ඉන්දුනීසියාවට නැගෙනහිර මුහුදේ සිදුව ඇති මෙම භූමිකම්පාවෙන් සුනාමි අවධානමක් නැතැයි ද එම මධ්‍යස්ථානය වාර්තා කරයි.