සෞදි ආරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුළදී මියගොස් ඇති බවට සැකකරන ඉන්දුනීසියානු කතකගේ (68) මළ සිරුරක් අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මීගමුව රෝහලට රැගෙන ගිය බව වාර්ථා වෙයි.
අද උදෑසන 10 ට සෞදි අරාබි ගුවන් සේවයට අයත් එස්.වී 782 දරණ අදාල ගුවන් යානය මෙරටට පැමිණ ඇත.
ඇය ක්ෂය රෝගය වැළඳීම නිසා මියගොස් ඇති බවට වාර්ථා වෙයි

