ඉන්දුනිසියා මුහුදේ භූ කම්පනයක්


ඉන්දුනීසියාවේ ඊසාන දිග වෙරළට ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ 7.3 ක භූ කම්පනයක් අදඅලුයම සිදුව ඇතැයි පැසිපික් සුනාමි මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය.  මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ මොලූක්කා  දිවයින් අවට සුනාමි අවදානමක් පවතින බව එම මධ්‍යස්ථානය පවසයි.  මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇති නොවන සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කරයි