
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා-ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටිති.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක. ජී.ජී. පොන්නම්බලම්, සිවඥානම් ශ්‍රීදරන්, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, තනුර දිසානායක, රුවන්තිලක ජයකොඩි, සුනිල් බියන්විල, රියාස් ෆාරුක්, නීතිඥ හිරුණි විජේසිංහ, අම්බිකා සැමුවෙල්, දේවානන්ද සුරවීර, චන්දිම හෙට්ටිආරච්චි, චම්පික හෙට්ටිආරච්චි, සුදත් බලගල්ල, ගයාන් ජානක යන මහත්ම මහත්මීහු දූත පිරිසට අයත් වෙති.
එසේම පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, මහජන සම්බන්ධතා නිලධාරී වයි. එල්. රිෂ්මියා නූටාන් , පාර්ලිමේන්තු නිලධාරී (ප්‍රොටෝකෝල කාර්යාලය) ජී. ජී. සී. එල්. බී. ගලංග සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ කළමනාකරණ සහකාර ඩබ්ලිව්.ආර්.ඒ. කෝෂිකා සජීවනී මහත්ම මහත්මීහූද මේ අතර වෙති.
ලෝක් සභාව සහ රාජ්‍ය සභාව සමඟ සම්බන්ධවී කටයුතු කිරීම, සභා ගර්භ සහ පාර්ලිමේන්තු පුස්තකාලය නිරීක්ෂණය, ඉන්දියානු මාධ්‍යයේ කාර්යභාරය, පාර්ලිමේන්තු කාරක සභා පද්ධතිය, උසස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා දූත පිරිස සඳහා සංවිධානය කර තිබූ වැඩසටහනට ඇතුළත් විය.




