ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ධීවර ව්‍යාපාරයක් ආරම්භ කර ධීවර ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ පියවරක් වශයෙන් ලබන මාර්තු 10 කොළඹ දී දෙරටේ ධීවර සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මෙරට ධීවර අමාත්‍යංශය පවසයි.
තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ධීවර දෙපාර්තමේන්තුව හා ධීවර සංවිධානවලින් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණීමට නියමිතය.

