ඉන්දු-ලංකා ධීවර ප්‍රශ්නය ගැන දිල්ලියේ සාකච්ඡාවක්


ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ සාකච්ඡාවක්  පවත්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පැවසීය.

ඉන්දියාවේ ආරාධනයක් මත නවදිල්ලි නුවර පැවැත්වෙන මෙම සාකච්ඡාවලට  ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි, ධීවර දෙපාර්තමේන්තුවේ ලේකම් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු, වෙරළාරක්ෂක බලකායේ හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පස් දෙනකු  ද එක්වීමට නියමිතය. 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දියාවේ කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය රාධා මොහාන් සිං ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඔහුගේ පැමිණීමෙන් පසු ජනවාරි (2) වැනිදා කොළඹදී ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවලට ධීවර නියෝජිතයන් ද සහභාගී වීමට නියමිත යැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.