රුපියල් තුන් කෝටි අසු හතර ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෙකුට හා ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කළ රේගුව එම වල්ලා පට්ටා තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.ජී ලලිත් ආන්නද මහතා විසින් සිදු කළේය.
කිලෝග්‍රෑම් 48 ක් බර වල්ලා පට්ටා තොගයක් ගමන් මලු තුනක බහා ඉන්දියාවේ චෙන්නායි වෙත ගෙනයාමට උත්සහ කරද්දී ඊයේ(20) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් සහ එක් ශ්‍රී ලාංකිකයෙක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මින් එක් ඉන්දීය ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 15 ක්ද, ශ්‍රී ලාංකිකයාට රුපියල් ලක්ෂ 5 ක් බැගින් දඩ ගැසු බවත් අනෙක් ඉන්දීය ජාතිකයාව දඩ නොගසා මුදා හැරිය බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී ප්‍රියන්ත සපරමාදු මහතා සහ වසන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබීය.

