ඉන්දු - ලංකා මිතුදම තවත් තරවේ


ශ්‍රී ලංකාවේ නව රජය ඉන්දියාවට වටිනාම පාර්ශවකරුවෙකියි ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් කියන්නීය.

විශේෂයෙන් ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්, අසල්වැසි රාජ්‍යයන් සමඟ පළමුවෙන්ම සහයෝගයෙන් කටයුතු කිරීම  ඉන්දීය රජයේ ප‍්‍රතිපත්තිය බවත් ස්වරාජ් කී බව ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති උත්සවයකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය මේ බව ප‍්‍රකාශ කර ඇතැයි එම පුවත්පත්සේවා වාර්තාවේ සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත්වීමත් සමඟ ඉන්දියාව හා පැවති සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඇය පවසන්නීය.