( තිළිණි ද සිල්වා )
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ධීවර ගැටළුව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විසඳාගැනීම සඳහා දෙරටම අවශ්‍ය පියවර ගෙන ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය අද (22) වාර්තා කළේය.
ධීවර කටයුතු සඳහා ජාත්‍යන්තර මුහුදු සීමාවට යන දකුණු ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ද ගෙන ඇති බව ඉන්දීය විදේශ ඇය පැවසුවාය.
ශ්‍රී ලංකා නාවික හමුදා බලධාරීන් යටත් තිබෙන් ඉන්දීය ධීවර යාත්‍රා 139 මුදා හරින ලෙස හා ඉකුත්දා ඝාතනයට ලක්වූ ඉන්දීය ධීවරයාගේ මරණය සමබන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි මෙම ඉන්දීය ධීවරයින් පිරිස අමාත්‍යවරිය කීවාය.
ශ්‍රී ලංකා අත්අඩංගුවට පත් වන ඉන්දීය ධීවරයින් සහ බෝට්ටු නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ද දෙරටේ බලධාරීන් අතර අවධානය යොමු වී ඇති බව, එසේම අදාළ ඉන්දීය ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනටමත් පරීක්ෂණ පවත්වමින් සිටින්නේ යැයිද ඇය එම ධීවරයින් වෙත දන්වා ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවා වාර්තාවේ දැක්වේ.

