ඉන්දියවේ සිට එන ඇතැමුන් මාසයක සංචාරක වීසා මත උතුරට පැමිණ සාරි ඇතුළු නොයෙක් බඩු මුට්ටු විකුණමින් ඔත්තු බලන බවට ඔත්තු ලැබී ඇතැයි වන්නී ආඥාපති බොනිෆස් පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ඕමන්තේ මුරපොළ වසා දැමීම ගැන පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසුයේ සංචාරක වීසා මඟින් පැමිණෙන අයට වෙළදාම් කළ නොහැකි බවයි.
ඔවුන් වීසා කාළය ඉක්මවා මෙහි සිටින බවද ඔහු සඳහන් කළේය.

