ඉන්දීය සුරූපිනියෝ මෝස්තර දැක්මේ


දිවයිනට පැමිණි  ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘  අවසන් වටයේ  ඉන්දීය රූමතියෝ සහභාගී වු  උත්කර්ෂවත් මෝස්තර නිරූපන රාත්‍රිය  කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විනි.
  ඉන්දියාවේ ටයිමෙක්ස් ගාමන්ට් සමාගමට අයත් ප්‍රකට ජාත්‍යන්තර මෝස්තර නිරූපන සමාගමක් වන  ‘අවිරාටේ‘  විසින් මෙය සංවිධානය කළේය.

මෙහිදී අවසන් වටයේ ජයග්‍රාහිකාවෝ  25 දෙනා ජාත්‍යන්තර මෝස්තර සැලසුම් ශිල්පී දිනේෂ් චන්ද්‍රසේනගේ නිර්මාණශීලී අධ්‍යක්ෂනයෙන් යුත්  ‘අවිරාටේ‘ නවතම ඇදුම් මෝස්තර ප්‍රදර්ශනය කිරීමේ නිරත වු  අතර ‘රෙඩ් බනානා‘ ලේබලය යටතේ  මෝස්තර කිහිපයක්ද එළි දැක්වුහ.

ඉන්දියාවේ  ටයිම්ස්  ඔෆ් ඉන්ඩියා ව්‍යාපාර සමූහය මෙහි ප්‍රධාන  සංවිධායකයෝ වෙති.

පසුගිය 11 වෙනි දා අළුයම දිවයිනට පැමිණි ඉන්දිය රූමතියෝ විවිද ක්‍රියාකාරකම් වල යෙදෙමින් සතියක්  මෙරට ගත කර දිවියිනෙන් සමුගත්හ.

 සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් මෙහි සත්කාරකත්වය දැරීය.