ඉන්දීය රූමතියෝ බෙන්තොට වැල්ලේදී


දිවයිනට පැමිණි ඉන්දීය රූ රැජිනියෝ දින පහක්  බේරුවල සිනමන් බේ හෝටලයේ ගත කොට විවධ   ක්‍රියාකාරකම් වල යෙදීමෙන් අනතුරුව කොළඹට පැමිණියහ.

දේශීය ආහාර පාන සහ චිකිත්සක ක්‍රම  පිළිබ‍්දවද එහිදී ඔවුහු අවබෝදය ලබාගත් අතර ශ්‍රී ලංකාවේ ඉපැරණි සටන් ශිල්පයක් වන අංගම්පොර පිළිබදවද උගත්හ.

ඓතිහාසික ගාළු පුරවරයෙහිද සංචාරය කළ ඉන්දීය රූමතියෝ බෙන්තොට මුහුදු   වෙරළටද ගියහ.

ඔවුන්ගේ  දසුන් ලොවට පෙන්විමට ඉන්දීය මාධ්‍යවේදීන්  රැසක් ද  පැමිණ සිටියහ.

  ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ සමාප්තියට පෙර  මාර්තු   16 රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී  දැවන්ත විලාසිතා ප්‍රදර්ශනයක්  පැවැත්වේ.

ඉන්දීයා  ප්‍රසිද්ද මෝස්තර නිරූපන ආයතනයක් වන ‘අවිරාටේ‘ විසින් එය සංවිධානය කරයි.

මෙම වැඩසටහන සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් මගින් සංවිධානය කර ඇත.