ඉන්දීය පෙට්‍රල් ටොන් 36,000 බෙදාහැරීම ආරම්භ කරයි


(යොහාන් භාසුර)

ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 36,000 ක තොගය බෙදාහැරීම අද (7) ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එම පෙට්‍රල් තොගය ගොඩබෑම අද පස්වරුව වන විට අවසන් වන බවත් ඉන් අනතුරුව බෙදාහැරීම ආරම්භ කරන බවත් එම නිලධාරියා කීය.