ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉදිරිපත් වනු ඇතැයි ‘ඉන්දියා ටුඬේ’ පුවත් පත කියයි.
මෙම තනතුර සඳහා මහේල ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතාත් ඉදිරිපත් වීමට සූදානම් වන බව එම පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි.
ඉන්දීය පිලේ හිටපු පුහුණුකරු අනිල් කුම්බල් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය පුරප්පාඩු විය. ඉන්දීය කණ්ඩායම මේ වන විට බටහිර ඉන්දීය දූපත් සමූහයේදී එක්දින තරගාවලියකට සහභාගි වෙමින් සිටින අතර ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි:20 තරග දෙකක් ඇතුළත් වෙයි.
සම්පූර්ණ වාර්තාව සඳහා http://kelimandala.lankadeepa.lk වෙත පිවිසෙන්න

