ඉන්දීය පිලෙන් සෙවාග්, හර්බජාන්, සහීර් කැපෙති


ජූනි මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති 30 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතයට ජේෂ්ඨ කී‍්‍රඩකයන් තිදෙනෙකු වන විරේන්ද්‍ර සෙවාග්, හර්බජාන් සිං සහ සාහිර් ඛාන් ඇතුළත් කර නැත.

තවද පසුගිය මාසයේ පැවති  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස තරගාවලිය පුරාවටම සාර්ථකවූ චෙටේශ්වර් පුජාරා සහ එම සංචාරයේදීම  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරග 2 කදී කඩුලූ 7 ක් දවාගත් වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක ප‍්‍රගයන්  ඕජා ද සංචිතයට ඇතුළත්වී නොමැත.

ඔවුන් වෙනුවට 19 න් පහළ ඉන්දීය කණ්ඩායමේ නායක අන්මුක්ත් චන්ද් ද ඇතුළත්ව මෙතෙක් ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය නොකළ තරුණ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකුටම සංචිතයට කැඳවා තිබේ.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කෙරෙන ඉන්දීය සංචිතය කී‍්‍රඩකයන් 15 දෙනකුගෙන් සමන්විත වනු ඇත.

(**)