ඉන්දීය පිල ශ්‍රී ලංකා පරදවා බලාපොරොත්තු රදවා ගනී
විරාට් කෝලිගේ (නොදැවී 133) විශිෂ්ට ඉනිම නිසා ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව හෝබාට්හිදී අද (28) පැවැති තීරණාත්මක තරගයෙන් අතිරේක ප‍්‍රසාද ලකුණත් සමග ජය ලබා ඉන්දීය පිල තව දුරටත් තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රදවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව අවසන් තරගාවලියට පැමිණීමට නම් මාර්තු මස 2 වැනිදා මෙල්බන්හිදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ලැබිය යුතුය.
විරාට් කෝලි පන්දු 86 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 133 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 4 ට 320 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 160, කුමාර් සංගක්කාර 105, මහේල ජයවර්ධන 22, ඇන්ජලෝ මැතිව්ස් 14)
ඉන්දියාව ඕවර 36.4 කදී කඩුලූ 3 ට 321 (විරේන්ද්‍ර සෙවැග් 30, සචින් තෙන්ඩුල්කාර් 39, ගෞතම් ගාම්බීර් 63, විරාට් කෝලි නොදැවී 133, සුරේෂ් රයිනා නොදැවී 40)

