ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්‍රිකුණාමලයට


(යොහාන් භාසුර)

ඉන්දීය නාවික හමුදාවේ ‘අයි.එන්.එස්. බට්ටි මල්ව්’ නැමැති නෞකාව නිල සංචාරයක් සඳහා අද (16) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

එම නෞකාව දිගින් මීටර 46 ක් සහ නැව් මුළුව 101 ක ගෙන් සමත්විත වන අතර ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ නැගෙනහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී එම නෞකාවෙන් පැමිණි නිලධාරීන් නාවික අභ්‍යාසයකට සහභාගි වීමට ද නියමිතය.  

එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කොමාණ්ඩර් එම්. ඒ. එන්. සිං මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරි සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්චේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතා අතර නිල හමුවක් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී අද පැවැත්විණි.

නෞකාව දිවයිනේ තිබෙන කාලසීමාව තුළ එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතය.  

එම නෞකාව හෙට (17) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.