ඉන්දීය ධීවරයෝ 11ක් අත්අඩංගුවට


මෙරට මුහුදු තීරයේ ඩෙල්ෆ් දූපත ආසන්නයේ අනවසරයෙන් මසුන් ඇල්ලීමට පැමිණි ඉන්දීය ධීවරයින් 11 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ධීවරයින් නොසිටි ටෝලර් යාත්‍රා දෙකක් ද තම භාරයට ගත්බව නාවික හමුදාව පවසයි.

ඉන්දීය ධීවරයන් සහ ඔවුන් පැමිණි ටෝලර් යාත්‍රා කරෙයිනගර් වෙත ගෙනැවිත් නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර බලධාරීන්ට බාරදී ඇත.