ඉන්දීය ධීවරයාට වෙඩි තැබීම ගැන කරුණු විමසන්නයි මෝදිගෙන් ඉල්ලයි


(ද හින්දු ඇසුරිනි - 055)

තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයකුට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා කැඳවා කරුණු විමසන්නයි එම ප්‍රාන්තයේ මහ ඇමති එඩප්පඩි කේ. පලනිස්වාමි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කරයි. 

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කැඳවා සිදුවීම සම්බන්ධයෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරන ලෙසද තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාට දන්වා තිබේ.

 ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාව නීතිවිරෝධී සහ මිලේච්ඡ ක්‍රියාවක් බව ද තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යොමු කරමින් දන්වා ඇත. --