(රොමේෂ් මධුෂංඛ)
උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බව කියන ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා 4 ක් යාපනය හා තලෙයිමන්නාරම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් දුමින්ද වළාකුළුගේ මහතා පවසයි.
ඉන්දියාවේ ජෙගනම්පට්ටන් පළාතේ සිට පැමිණි ඉන්දීය ධීවරයෝ 9 දෙනෙකු ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයේ සිට පැමිණි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු මෙලෙස අත්අඩංගුට ගෙන ඇත.

