ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට අවධානය


ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එම අමාත්‍යාංශයේදී අද (8) උතුරේ ධීවර නියෝජිතයන් පිරිසක් හමුවූ අමරවීර මහතා මේ බව පැවැසීය. 

ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් උතුරේ ධීවරයන් සිය විරෝධය පළ කර ඇත. 
ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීම නැවත වරක් වැඩි වී ඇතැයි ද තහනම් ආම්පන්න ක්‍රමයක් වන බොටම් ට්‍රෝලින් ක්‍රමය නිසා මෙරට මත්ස්‍ය සම්පත විනාශ වී ඇතැයි ද උතුරේ ධීවරයෝ චෝදනා කරති.

එම කරුණු සලකා බලමින් මෙරට මුහුදේ නීති විරෝධී ලෙස මසුන් මැරීමේ නිරත වන ඉන්දීය ධීවරයන් සහ යාත්‍රා අත්අඩංගුවට ගැනීම වේගවත් කරන ලෙස, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකායට උපදෙස් දී ඇතැයි අමරවීර මහතා කීවේය.