ඉන්දු -ලංකා ධීවර ගැටලුව සුහදශීලි ලෙස විසඳා ගැනීමේ අරමුණින් තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයන් සිව්දෙනකු (9) දිවයිනට පැමිණි බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
පෝක් සමුද්‍රසන්ධිය ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරතවීමේ දි ඉන්දීය ධීවරයින්ට මුහුණපෑමට සිදුවන ගැටලු ගැන රජයේ බලධාරින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් යන මහත්වරුන් සමග ඔවුන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් එන්.ඩී.හෙට්ටිආරච්චි මහතා කියයි.

