ඉන්දීය ජාතිකයන්ට මැර ප්‍රහාරයක්


ලෝලුවාගොඩ විදුලි ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතුවල යෙදීමෙන් පසු නවාතැන්ගෙන සිටින මීරිගම හකුරුකුඹුරේ නිවසට යමින් සිටි ඉන්දියන් ජාතිකයන් පස් දෙනකුට යතුරු පැදි දෙකකින් ආ සිව්දෙනකු පහරදී ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් රෝහල්ගත කර ඇති බවත් ප්‍රහාරයට සම්බන්ධ පිරිස හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණයවී නැතැයිද පොලිසිය පවසයි.