අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කාඩිෆ්හිදී අද (20) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ.
ඉන්දීය පිල ලකුණු 182 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 35 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
අවසන් මහ තරගය එංගලන්තය සහ ඉන්දියාව අතර මේ මස 23 වැනිදා එජ්බැස්ටන්හිදී පැවැත්වේ.
ඉන්දීය පිල වෙනුවෙන් ශීකර් දාවන් (68) සහ විරාට් කෝලි (නොදැවී 58) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 41 කට කඩුලූ 3 ක් දැවී සිටියදී මහේල ජයවර්ධන (38) සහ ඇන්ජලෝ මැතිව්ස් (51) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් පවත්වමින් අවධානම් තත්ත්වයෙන් ගලවා ගැනීමට සමත් වූහ.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 89 කදී හතරේ සහ හයේ පහර බැගින් ඇතුළත් කරමින් ලකුණු 51 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
රවින්ද්‍ර ජඬේජා යැවූ ඉනිමේ 31 වැනි ඕවරයේ පළමු පන්දුවට ලකුණු 25 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල මුවා කිරීමේ වදරට හසුව දැවී ගිය බවට විනිසුරු නම් කළ ද විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයේදී එය දැවී යෑමක් නොවන බවට තීරණය කළේය.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි යැවූ ඉනිමේ 24 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී මහේල ජයවර්ධන ලකු-ණු 5 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වදරට හසුව දැවී ගිය ලෙස විනිසුරු තීරණය කළ ද විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයේදී දැවී නොගිය බවට තීරණය විය.
මෙහිදී ඉන්දීය නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි මද වේග පන්දු යවන්නකු ලෙස ඕවර 4 ක් යැවීම මෙහිදී කැපී පෙනුණි. දිනේෂ් කාර්තික් එම ඕවර හතරේදී කඩුලූ රකින්නා ලෙස කටයුතු කළේය.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු කුසල් ජනිත් නැවත අසාර්ථක වෙමින් ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියේය.
තිලකරත්න ඩිල්ෂන් ලකුණු 12 ක් ලබා සිටියදී පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී පාදයේ ආබාධයකට ලක්ව සිටියෙන් ඉවත් වූ අතර 48 වැනි ඕවරයේදී නැවත පන්දුවට පහරදීමට පිටියට පැමිණියේය.
ශ්‍රී ලංකා පිලේ උප නායක දිනේෂ් චන්දිමාල්ට සහ ශාමින්ද එරංගට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවූ අතර ජීවන් මෙන්ඩිස් සහ තිසර පෙරේරා මෙම තරගයට කැදවා තිබුණි.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම
ශ‍්‍රී ලංකාව
කුසල් ජනිත් - ඇ. රයිනා ප. කුමාර් 4
තිලකරත්න ඩිල්ශාන් - නොදැවී 18
කුමාර් සංගක්කාර - ඇ. රයිනා ප. ඉෂාන්ත් ශර්මා 17
ළහිරු තිරිමාන්න - ඇ. රයිනා ප. ඉෂාන්ත් ශර්මා 7
මහේල ජයවර්ධන - ප. ජදේජා 38
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. කුමාර් ප. අශ්වින් 51
ජීවන් මෙන්ඩිස් - ස්ට. දෝනි ප. අශ්වින් 25
තිසර පෙරේරා - ඇ. ධාවන් ප. ඉෂාන්ත් ශර්මා 0
නුවන් කුලසේකර - ප. අශ්වින් 1
ලසිත් මාලිංග - නොදැවී 7
අතිරේක 13
එකතුව ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 181
කඩුලු වැටීම : 1-6, 2-36, 3-41, 4-119, 5-158, 6-160, 7-164, 8-171
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා : රංගන හේරත්
පන්දු යැවීම : බුවනේශ්වර් කුමාර් : 9-2-18-1, උමේෂ් යාදව් : 8-2-30-0, ඉෂාන්ත් ශර්මා : 9-1-33-3, රවින්ද්‍ර ජදේජා : 10-1-33-1 මහේන්ද්‍ර සිං දෝනි : 4-0-17-0, රවිචන්ද්‍රන් අශ්වින් : 10-1-48-3
ඉන්දියා කණ්ඩායම : මහේන්ද්‍ර සිං දෝනි, රවිචන්ද්‍රන් අශ්වින්, ශීකාර් ධාවන්, රවින්ද්‍ර ජදේජා, දිනේශ් කාර්තික්, විරාට් කෝලි, බුවනේශ්වර් කුමාර්, සුරේෂ් රයිනා, ඉෂාන්ත් ශර්මා, රෝහිත් ශර්මා, උමේෂ් යාදව්
ඉන්දියාව
රෝහිත් ශර්මා - ප. මැතිව්ස් 33
ශීකාර් ධාවන් - ස්ට. සංගක්කාර ප. මෙන්ඩිස් 68
විරාට් කෝලි - නොදැවී 58
සුරේෂ් රයිනා - නොදැවී 7
අතිරේක 16
එකතුව ඕවර 35 කදී කඩුලූ 2ක් දැවී 182
කඩුලු වැටීම : 1-77, 2-142
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ : මහේන්ද්‍ර සිං දෝනි, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, දිනේශ් කාර්තික්, බුවනේශ්වර් කුමාර්, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්
පන්දු යැවීම : නුවන් කුලසේකර : 10-0-45-0, ලසිත් මාලිංග : 8-0-54-0, තිසර පෙරේරා : 6-0-25-0, ඇන්ජලෝ මැතිව්ස් : 4-0-10-1, රංගන හේරත් : 4-0-14-0, ජීවන් මෙන්ඩිස් : 3-0-28-1