අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය දිනෙන් දින තීව්ර වෙමින් පවතින නමුත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් තවදුරටත් තමන් කටයුතු කරන බව එන්. ශී‍්‍රනිවාසන් මහතා පවසයි.
ඉතා ප‍්‍රවේසමෙන් සකස් කරන ලද ලිපියක් කියවමින්, තමන්ට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සෙසු නිලධාරීන්ගේ සහයෝගය ඇති බවත්, තනතුරෙන් ඉල්ලා අස්වන්න’යි කිසිවකු තමන්ගෙන් ඉල්ලා නැති බවත් ශී‍්‍ර නිවාසන් මහතා පැවසූ බව ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් පතේ නිල වෙබ් අඩවිය අද (ඉරිදා) වාර්තා කළේය.
මේ අතර සිය බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන්ගේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුවද ශී‍්‍රනිවාසන් මහතා විසින්ම ප‍්‍රකාශයට පත්කරන ලදි. ගුරුනාත් මෙයියප්පන් මහතා සම්න්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ කටයුතු සාධාරණ ලෙසින් කරනු ලබන බවටද හෙතෙම පොරොන්දුවිය.
”අපි පළමුව පරීක්‍ෂණ කටයුතු අවසන් වන තුරු බලා ඉමු. කවුරුන්ද වැරදිකාරයා කියලා ඉන් පස්සේ කියතැකි”
”වැරදිකාරයාට නිතියේ ආකාරයට දඬුවම් දෙවනු ලබන බවට මා ඔබලාට සහතික වෙනවා. ඒත් වැරදිකාරයා යයි ඔප්පු වන තුරු කිසිවකුට එරෙහිව පවතින්නේ චෝදනා පමණයි” යයිද ශී‍්‍රනිවාසන් මහතා පැවසීය.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්නොවූයේ මන්ද යයි වාර්තාකරුවන් කළ විමසීමකදී ශී‍්‍රනිවාසන් මහතා පවසා සිටියේ තමන් කිසි වරදක් නොකළ බවයි.
”මා කිසි වරදක් කරලා නෑ. අනුන්ගේ වැරදි මා පිටින් යන්න ඕනැත් නෑ”
”මට කරන්නට කාර්යයක් තිබෙනවා. මා එය කරනවා” යයිද ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා පැවසීය.
(හින්දුස්තාන් ටයිම්ස් අනුග‍්‍රහයෙනි)