ඉන්දියාවේ ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන අයි. පී. එල්. තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත කී‍්‍රඩා කිරීම හෙවත් තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡ කිරීම සඳහා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ කි‍්‍රයාකාරී කමිටුව හදිසි රැස්වීමක් කැඳවා තිබේ. මෙම රැස්වීම හෙට (ඉරිදා) චෙන්නායි නුවරදී පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය, තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්ත්වය මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳවද කි‍්‍රයාකාරී කිටුවේ අවධානය යොමුවන බව ප‍්‍රකාශ කරයි.
මෙම තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් රාස්ථාන් රෝයල්ස් පිලේ හිටපු කී‍්‍රඩකයකු වන අමිත් සිංද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊට සම්බන්ධවී ඇත්තේ ඔට්ටුකරුවකු ලෙසින් බවද කියැවේ.
මෙම තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය පොලිස් නිලධාරීන් අදාළ කී‍්‍රඩකයන්ගෙන් තවමත් ප‍්‍රශ්න කරගෙන යන නමුත් මෙම කී‍්‍රඩකයන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමේ හැකියාව සම්බන්ධයෙන්ද ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීහු සාකච්ඡ කරමින් සිටිති.
”මේ කී‍්‍රඩකයන් එක්කාසු වෙලා කී‍්‍රඩාවේ ගරුත්වය විනාශ කරලා දැම්මා. ඒ තත්ත්වය නැවත ගොඩන`ගන්න අපට විශාල කාලයක් ගතවේවි” යයිද නම සඳහන් කිරීමට අකමැති වූ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරියකු සුප‍්‍රකට ‘කි‍්‍රක් ඉන්ෆෝ’ වෙබ් අඩවියට පවසා තිබිණ.
”මේ සම්බන්ධයෙන් හැකි තරම් ඉක්මනින් කි‍්‍රයාත්මක වී ගතයුතු පියවර වහාම ගන්න ඕනෑ. ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ගෞරවයට සහ විශ්වාසනීයත්වයට තවදුරටත් හානි වෙන්න දෙන්න බෑ” යයිද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතා වඩාත් සුපරික්‍ෂාකාරී ලෙසින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවත් ඔහුගේ පළමු පියවර වන්නේ සිය පාලක මණ්ඩලයේ විනය කමිටුව යොදා ගනිමින් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කිරීම බවත් මාධ්‍ය වාර්තා කරයි.
අයි. පී. එල්. තරගාවලිය කමිටුවේ සභාපති රජිව් ෂුක්ලා මහතා පවසන්නේ අදාළ සිදුවීම් සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් වැරදිකරුවන් වන්නේ නම් ඔවුන්ට කිසිදු සමාවක් නොලැබෙන බවත්, දියහැකි ඉහළම දඬුවම් දෙන බවත්ය.
අන්තර්ජාතික පුවත් වාර්තා ඇසුරිනි