අයි. පී. එල්. තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප‍්‍රධාන විධායක නිලධාරී ගුරුනාත් මෙයියප්පන් මහතා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමගම සිය තනතුරෙන් වහාම ඉල්ලා අස්වන්න’යි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශි‍්‍රනිවාසන් මහතාට බලපෑම් එල්ල වෙමින් තිබේ.
අයි. පී. එල්. තරගාවලියේ සංවිධායකයන් වන ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් තහනමට ලක්කරන ලද මෙයියප්පන් මහතා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයාද වන එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන්ය.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ගරුත්වය මෙන්ම අයි. පී. එල්. තරගාවලියේ ගරුත්වයත් ආරක්‍ෂා කිරීම සඳහා සිය තනතුරෙන් ඉල්ලා අස්වන්න’යි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීන්ම සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර විරෝධතා පුවරු ඔසවාගත් කි‍්‍රකට් ලෝලීහුද ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයාට ඉල්ලා අස්වන්න’යි කියමින් උද්ඝෝෂණය කරති.
(ඉන්දීය මාධ්‍ය වාර්තා ඇසුරිනි)