ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ ගමන නතර වේ


(විමුක්ති එස් රුද්‍රිගු)

දෙදින නිල සංචාරයක් සඳහා අද  මෙරටට පැමිණීමට නියමිත සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා සිය සංචාරය කල්දමා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.