මහින්ද රාජපක්ෂ සමයේ පාකිස්තානයේ තන්ඩර් 17 ප්‍රහාරක යානා මිලට ගැනීම වෙනුවට ඉන්දියාවේ ‘තේජස්‘ සැහැල්ලු ප්‍රහාරක යානා පිළිබඳ ශ්‍රී ලංකාවේ උනන්දුවක් ඇතිවී ඇතැයි ඉන්දියා මාධ්‍ය කියයි.
හින්දුස්ථාන් ගගන යාත්‍රා සමාගම එම යානා නිපදවා ඇත. බහරේන් අන්තර්ජාතික ගුවන් ප්‍රදර්ශනයේදී තේජස් යානය පළමුවරට සාර්ථක කරණම් පෙන්වීය.
ඉන්දියාවේ විරෝධය නිසා පාකිස්තානයෙන් ප්‍රහාරක යානා මිලට නොගත් බවත් ඉන්දියා මාධ්‍ය පවසයි.



