ඉන්දියාවේ ලක්ෂ 66කට කොරෝනා


ගත වූ පැය 24 දී කොරෝනා වයිරසය ආසාදිතයන් 61, 267 දෙනකු වාර්තා වීමත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත  කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 66ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 884 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 103,569ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ඉකුත් සෙනසුරාදා 100,000 ඉක්මවා ගියේය. ලොව කොරෝනා වයිරස ආසාදිත මරණ ලක්ෂයක් වාර්තා වන තෙවැනි රට වන්නේ ද ඉන්දියාවයි. එහි මුල්තැන ඇමෙරිකා එක්සත් ජනපදය පසුවන අතර බ්‍රසීලය දෙවැනි තැන පසුවෙයි.

මේ රටවල් තුනෙහි ම වයිරසය පාලනය වන තත්ත්වයක් පෙනෙන්නට නැති අතර දෛනික වාර්තා ගත ලෙස ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.

මේ අතර පසුගිය සතියේදීද  කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ඉන්දියාව පියවර ගත්තේ ය. ඒ අනුව පාසල් සහ සිනමාශාලා විවෘත කිරීමට ප්‍රාන්තවලට අවසර දීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පියවර ගත්තේ ය.


රොයිටර්
(055)