
(යොහාන් භාසුර)
වතු කම්කරුගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ඉන්දියානු රජය ආරම්භ කර ඒ සඳහා එම දරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
අ.පො.ස. උසස් පෙළ, කාර්මික විද්‍යාලවල, උපාධි පාඨමාලා සහ වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යාපනය. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් (අවම සාමාර්ථ 6 ක් සහිත) සහ වයස අවුරුදු 25 ට අඩු පුද්ගලයන්ට මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ හැකි බවත් අයදුම්පත් www.hcicolombo.gov.in වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි අතර නැතහොත් මහ කොමසාරිස් කාර්යාලයෙන් (අංක 36-38, ගාලු පාර, කොළඹ-03) සහ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයෙන් (01 ඒ, මහාමායා මාවත, තැ.පෙ. 47, මහනුවර) යන ස්ථානවලින් ලබාගත හැකි බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
සම්පුර්ණ කළ අයදුම්පත් උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්, අපොස සාමාන්‍ය සහ උසස් පෙළ ප්‍රතිඵල පත්‍රය, දෙමාපියන්ගේ අලුත්ම වැටුප් පත්‍රිකාව සහ දෙමාපියන්ගේ රැකියාව සම්බන්ධයෙන් වතු අධිකාරීවරයාගේ සහතිකය සමඟ ඉදිරිපත් කළ යුතු බව කියන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිසි පරිදි සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍ර ලේකම්, ඉන්දියානු මහ කොමසාරිස්, තැ.පෙ. 882, කොළඹ-03 යන ලිපිනයට මෙම මස 29 වැනිදාට පෙර යොමුකළ යුතු බව ද සඳහන් කරයි.

