සමුදුරු පරීක්ෂක යාත‍්‍රා දෙකක් ඇතුළු තවත් යුධෝපකරණ තොගයක් ශී‍්‍රලංකාවට සැපයීමට ඉන්දියාව තීරණය කර තිබේ.
මෙම තීරණය අසල්වැසි රටවල් හා යුධමය අතින්ද සබඳතා තර කරගෙන චීනයෙන් එල්ලවෙමින් තිබෙන තර්ජනයට මුහුණදීමේ මූලෝපායික පියවරක් ලෙස ඉන්දියා විචාරකයින් හදුන්වාදී තිබේ.
ඉන්දියාව මීට පෙර අවස්ථාවකද යුධෝපකරණ තොගයක් ශී‍්‍රලංකාවට ලබාදුන් අතර රේඩාර් උපකරණ,බිම් බෝම්බ වලින් ආරක්ෂා වන පරිදි සැකසූ රථ, ආදිය එහි විය.
පසුගියදා ශී‍්‍රලංකාවට පැමිණි ඉන්දියා ආරක්ෂක අමාත්‍ය අරුන් ජෙට්ලි, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දෙරට අතර ද්විපාර්ශවීය සංග‍්‍රාමෝපායික සබඳතා තවදුරටත් වර්ධනය කර ගත හැක්කේ කෙසේදැයි සම්බන්ධයෙන් සාකච්ඡුාවක්ද පවත්වා ඇතැයි සඳහන්ය.

