ඉන්දියාවෙන් ගෙන ආ නවීන දුම්රිය උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට


 (රොමේෂ් මධුෂංඛ)


ඉන්දියාවේ සිට ගෙන එන ලද නවීන පහසුකම්වලින් යුක්ත වූ දුම්රිය මැදිරිය උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා අත්හදා බැලීමේ පරික්ෂාවකට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණි.


ඉන්දියාවෙන් ගෙන එන ලද නව දුම්රිය බලවේග කට්ටලය මෙරට දුම්රිය මාර්ගයේ ධාවනයට සුදුසුද යන්න පරික්ෂා කිරීම සඳහා අත්හදා බැලීමක් වෙනුවෙන් ඊයේ (19)  යාපනය දක්වා  නව දුම්රිය ධාවනය විය.


කෙසේ වෙතත් නව දුම්රිය ධාවනය අත්හදාබැලීම සාර්ථක බවත් ඉදිරියේදී මගී ජනතාව වෙනුවෙන් නවීන් පහසුකම් වලන් යුක්ත නව දුම්රිය එක් කිරීමට පියවර ගන්නා බවටද දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීහු වැඩි දුරටත් පැවසූහ.