ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත්හි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ ලබන 28 වැනි දා වාර්ෂික මංගල්‍යයට ඉන්දියා කතෝලිකයන් 4336 දෙනකු යාත්‍රා මගින් පැමිණෙන බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.
ජාත්‍යන්තර මුහුදු සීමා නීති රීති වලට අනුකූලව පැමිණෙන ඉන්දියා වන්දනාකරුවන්ගේ ආරක්ෂාවට ඉන්දියා වෙරළ ආරක්ෂක බළකාය යොදවන අතර ඔවුන් සියලු දෙනාම මාර්තු පළමු වැනි දා යළි ඉන්දියාව බලා පිටත්ව යා යුතුය.

