ඉන්දියාවට ලකුණු 50 ක ජයක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මීර්පුර්හිදී අද (13) පැවැති ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රී) ඉන්දිය පිල ලකුණු 50 ක ජයක් ලැබීය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ 254 කි.
ඉන්දිය පිල ඕවර 50 කදී කඩුලූ 3 ක් දැවී 304 (ගෞතම් ගම්බීර් 100, විරාට් කෝලි 108, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 46, සුරේෂ් රයිනා නොදැවී 30, ෆර්විස් මහරුෆ් 57/2)
ශ්‍රී ලංකා පිල ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී 254 (මහේල ජයවර්ධන 78, කුමාර් සංගක්කාර 65, ළහිරු තිරිමාන්න 29, උපුල් තරංග 17, ෆර්විස් මහරුෆ් 18, ඉර්ෆාන් පතන් 32/4, විනෙයි කුමාර් 55/3, ආර්. අෂ්වින් 39/3)

