ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව අතර අද (6 වැනිදා) කාඞීෆ්හිදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී ලකුණු 26 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ලකුණු 332 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී ලකුණු 305 කට දැවී ගියේය.
ඉනිම ආරම්භයේදීම ලකුණු 31 කට කඩුලූ දෙකක් දැවී ගිය නමුත් පිතිකරු ලයිස්තුවේ උසස්වීමක් ලද රොබින් පීටර්සන් (68) සහ නායක ඒ. බී. ඩිවිලියර්ස් (70) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැංවමින් දකුණු අපි‍්‍රකානු පිල බලාපොරොත්තු සහගත ලෙස ඉදිරියට තල්ලූ කළහ.
පන්දු 72 කට මුහුණ දුන් රොබින් පීටර්සන් හතරේ පහර 6 ක් සහිතව ලකුණු 68 ක් ලබාගත් අතර ඩිවිලියර්ස්ගේ ලකුණු 70 ට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ. එහෙත් 25 වැනි ඕවරයේදී පීටර්සන් දැවී යාමත් සමගම ඉන්දියානුවෝ පීඩනය වැඩි කළහ.
රයන් මැක්ලරන් සටන්කාමී ලකුණු 54 ක් ලබාගත් නමුත් දකුණු අපි‍්‍රකානු පිල ජයග‍්‍රහණය කරා ගෙන යාමට එය ප‍්‍රමාණවත් නොවිණ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 7 දැවී ලකුණු 331 ක් ලබා ගත්තේය.
ඉන්දිය පිල වෙනුවෙන් ෂිකාර් ධවාන් (114) සහ රෝහිත් ෂර්මා (65) ප‍්‍රවේසම්සහිත නමුත් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 127 ක් එක් කළහ. පන්දු 8 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ දැවැන්ත හයේ පහරක් සහතිව ලකුණු 65 ක් ලබාගත් රෝහිත් ෂර්මා රයන් මැක්ලකරන්ගේ පන්දුවක් හමුවේ රොබින් පීටර්සන්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
වරෙක කඩුල්ලක් දැවී ලකුණු 210 ක් ලබා සිටි ඉන්දීය පිලේ අවසන් කඩුලූ හය ලකුණු 113 කට දවාගැනීමට දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝ සමත් වූ නමුත් ඒ වන විට තරගයේ පාලනය ඉන්දියානුවන් අතට ගෙන තිබිණ.
ෂිකාර් ධවාන් ලකුණු 114 කට දැවී ගිය අතර පන්දු 94 කට මුහුණ දුන් ධවාන් හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සැරසීය.
අවසන් ඕවරයේදී රවිචන්ද්‍රන් අශ්වින් දුවද්දී දැවීයාම නිසා පිතිකරු අන්තයට පැමිණි රවින්ද්‍ර ජදේජා ඉතිරි පන්දු දෙකටම හතරේ පහර දෙකකින් සංග‍්‍රහ කළ අතර පන්දු 29 කින් ලකුණු 47 ක් ලබාගත්තේ හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.
දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම
ඉන්දියා කණ්ඩායම් ඉනිම
රෝහිත් ශර්මා - ඇ. පීටර්සන් ප. මැක්ලරන් 65
ශීකාර් ධාවන් - ඇ.අතිරේක (ඒරන් පැන්ගිසෝ) ප. ඩුමිනි 114
විරාට් කෝලි - ඇ. අම්ලා පග සොත්සෝබි 31
දිනේශ් කාර්තික් - ඇ. ඞීවිලියර්ස් ප. මැක්ලරන් 14
මහේන්ද්‍ර සිං දෝනි - ඇ. ඩු ප්ලේසී ප. සොත්සෝබි 27
සුරේෂ් රයිනා - ඇ. ඩුමිනි ප. මැක්ලරන් 9
රවින්ද්‍ර ජදේජා - නොදැවී 47
රවිචන්ද්‍රන් අශ්වින් - දුවද්දී දැවී ගියා 10
බුවනේශ්වර් කුමාර් - නොදැවී 0
අතිරේක 14
එකතුව ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී 331
කඩුලු වැටීම -
1-127, 2-210, 3-227, 4-240, 5-260, 6-291, 7-323
පන්දුවට පහර දීමට නොදුන් ක‍්‍රීඩකයෝ -
ඉෂාන්ත් ශර්මාල උමේෂ් යාදව්.
පන්දු යැවීම -
මෝනි මොර්කල් : 6.5-0-27-0, ලොන්වාබෝ සොත්සෝබි : 10-0-83-2, රොරී ක්ලීන්වෙල්ඞ් : 10-0-81-0, රයන් මැක්ලරන් : 10-0-70-3, රොබින් පීටර්සන් : 3.1-0-24-0, ජේ. පී. ඩුමිනි : 10-0-42-1
දකුණු අප‍්‍රිකා කණ්ඩායම් ඉනිම
හෂීම් අම්ලා - ඇ. දෝනි ප. යාදව් 22
කොලින් ඉන්ග‍්‍රම් - ඇ. රයිනා ප. කුමාර් 6
රොබින් පීටර්සන් - දුවද්දී දැවී ගියා 68
ඒ. බී. ඞීවිලියර්ස් - ඇ. ජදේජා ප. යාදව් 70
ජේ. පී. ඩුමිනි - ක.මු.කළා ප. ජදේජා 0
ෆෆ් ඩු ප්ලේසී - ඇ. රයිනා ප. ඉෂාන්ත් ශර්මා 30
ඩෙවිඞ් මිලර් - දුවද්දී දැවී ගියා 0
රයන් මැක්ලරන් - නොදැවී 71
රොරී ක්ලීන්වෙල්ඞ් - ඇ. දෝන ප. ඉෂාන්ත් ශර්මා 4
ලොන්වාබෝ සොත්සෝබි- ප. ජදේජා 3
මෝනි මොර්කල් - ප. කුමාර් 8
අතිරේක 9
එකතුව ඕවර 50 කදී සියළු දෙනා දැවී 305
කඩුලු වැටීම -
1-13, 2-31, 3-155, 4-182, 5-184, 6-188, 7-238, 8-251, 9-257, 10-305
පන්දු යැවීම -
බුවනේශ්වර් කුමාර් : 7-0-49-2, උමේෂ් යාදව් : 10-0-75-2, ඉෂාන්ත් ශර්මා : 8-0-66-2, රවිචන්ද්‍රන් අශ්වින්්් : 10-0-47-0, රවින්ද්‍ර ජදේජා : 9-1-31-2, සුරේෂ් රයිනා : 6-0-36-0