ඉන්දියාවට පරාජය වන හේතුව වටහාගන්න බෑ - මැතිව්ස්


මෑත කාලයේදී ඉන්දීය පිලට එරෙහිව තරග කිරීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කිසියම් මානසික පසුබෑමකට ලක්වන බව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිගනී.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා පිල කඩුලූ 8 කින් පරාජය වීමෙන් පසු මැතිව්ස් මෙසේ පැවසීය.

”ඉන්දියාව ගොඩාක් ශක්තිමත් කණ්ඩායමක් කියලා අපි දැනගෙන හිටියා. ඒ ගැන අපි කතාකරලයි තිබුණේ”

”අප ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළ යුතුව තිබුණත් අපට එය කරගන්න බැරිවුණා. ඒත් මේ විදිහට දිගින් දිගටම ඉන්දියාවට පරාජය වෙනඑක නම් මොන හේතුවද කියන්න මට තේරෙන්නේ නෑ” යයිද මැතිව්ස් පැවසීය.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නායකයා පවසා සිටියේ අවසන් පූර්ව වටයට පිවිසීම තම කණ්ඩායමේ මූලික ඉලක්කය වූ හෙයින් මෙම පරාජය සම්න්ධයෙන් තමන් ලැජ්ජාවට පත්නොවන බවයි.

”තරගයක් දීමට නම් අපට ලකුණු 250 ක් වත්  ඕනෑකර තිබුණා. ඒත් කිසිම දෙයක් අපේ වාසියට සිදුවුනේ නෑ. කාසියේ වාසියත් අපට හරස් වුණා” යයි 26 හැවිරිදි ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.

වඩාත්ම වැදගත් තරගයේදී ලසිත් මාලිංගගෙන් අපේක්‍ෂිත සේවය ඉටු නොවීම සම්බන්ධයෙන් මාලිංග විවේචනය කිරීමට මැතිව්ස් ඉදිරිපත් නොවීය.

”ඔහුගේ හොඳම උපක‍්‍රමය තමයි පන්දුව ආපිට දෝලනය කිරීම. ඒත් එංගලන්තයේ දේශගුණික තත්ත්වයන් වල පන්දුව ආපිට දෝලනය වන්නේ නෑ”

”ඒත් ඉන්දීය උප මහාද්වීපයේනම් පන්දුව හොඳින් ආපිට දෝලනය වෙනවා. කොහොම වුණත් නිදහසට කරුණු දක්වන්න අප උත්සාහ කරන්නේ නෑ” යයිද මැතිව්ස් පැවසීය.
”සිවුවැනි  ඕවරයේදීම ඩිල්ෂාන් ආබාධයකට ලක්වීම අපට විශාල පාඩුවක් වුණා. ඔහු ඒ වන විට ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් හිටියේ”

”ඊට පස්සේ එක දිගටම කඩුලූ වැටුණ නිසා අපට ඔලූව උස්සන්න බැරිවුණා” යයිද මැතිව්ස් පැවසීය.

”කොහොම වුණත් අවසන් පූර්ව තරගය පරාජය වුණ එක ගැනනම් ලැජ්ජා වෙන්න දෙයක් නෑ”
”පළමු තරගය පැරදුනාට පස්සේ අප අවසන් පූර්ව තරගයට ආවේ හොඳ සටනක් දීලා. ඒ නිසා එංගලන්තයට සහ  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග කළ ආකාරය ගැන කී‍්‍රඩකයන්ට ගරුත්වය යන්න  ඕනෑ” යයිද මැතිව්ස් පැවසීය.