ඉන්දියාව සමග ධීවර සාකාච්ඡා අසාර්ථකයි


ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නවදිල්ලි නුවර පැවැති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ඊට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති එම සාකච්ඡාවලට තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර නියෝජිතයෝ සහ උතුරේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ. එමෙන්ම ඊට දෙරටේ ඉහළ පෙළේ නිලධාරීහූ ද සහභාගී වූහ. 

  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් හා එරට කෘෂිකර්ම අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය.