ඉන්දියාව ශූරයන්ගේ කුසලාන දිනයි


අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් පැවැති අවසන් ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. එජ්බැස්ටන්හිදී ඊයේ (23 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ සත්කාරක එංගලන්තය පිලට එරෙහිව ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කය හඹාගිය එංගලන්ත පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි.

එංගලන්ත පිලේ පස්වැනි කඩුල්ලේ සිට අටවැනි කඩුල්ල දක්වා කඩුලූ 4 ක් ලකුණු 4 ක් තුළ බිඳ වැටීම පරාජයට ප‍්‍රධාන හේතුව බවට පත්විය. 

ලකුණු 46 කට කඩුලූ 4 ක් බිඳ වැටී සිටියදී එඔයින් මෝගන් (33) සහ රවී බොපරා (30) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් පවත්වමින් එංගලන්තය ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ. 

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විරාට් කෝලි පන්දු 34 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.

රවින්ද්‍ර ජඬේජා ඉනිමේ අවසන්  ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 25 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් අන්තර්ගත කරමින් නොදැවී ලකුණු 33 ක් රැස්කිරීමට සමත් විය. 

ශීකර් දාවන් පන්දු 24 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 31 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල විය.
රවී බොපරා ඉනිමේ 13 වැනි  ඕවරයේ දෙවැනි සහ හයවැනි පන්දුවලදී සුරේෂ් රයිනා (01) සහ මහේන්ද්‍ර සිං දෝනි (0) දවා ගනිමින් එංගලන්ත පිල පියවර කීපයක් ඉදිරියට ගැනීමට සමත් විය. එම කඩුල්ල දෙකත් සමග ඉන්දියාව ලකුණු 66 කට කඩුලූ 5 ක් බවට පත්විය.

ක‍්‍රීඩාංගණයට පෙරවරුවේ සිට වර්ෂාව ඇදහැලීම නිසා එංගලන්ත වේලාවෙන් පස්වරු 4.20 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 8.40 ට පමණ ඉනිමක්  ඕවර 20 ක තරගයක් ලෙස තරගය ආරම්භ වුව ද, හත්වැනි  ඕවරය යවමින් සිටියදී දෙවැනි වරටත් වර්ෂාව ඇදහැලීම නිසා පැයකට ආසන්න කාලයක් තරගය අත්හිටුවීමට සිදුවිය. ඒ වන විට ඉන්දීය පිල  ඕවර 6.2 කදී එක කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

ඉනිමක්  ඕවර 20 ක් වූ මෙම තරගයේ පළමු  ඕවර හතර අධිවේගි  ඕවර විය.  ඕවර දෙකක් පිතිකරු අධිවේගි  ඕවර වූ අතර එම  ඕවර දෙක  ඕනෑම අවස්ථාවක ලබාගත හැකිවිය. පන්දු යවන්නකුට උපරිම යැවිය හැකි වූයේ  ඕවර 4 ක් පමණි.

 

ලකුණු පුවරුව

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම

ඉන්දියා කණ්ඩායම් ඉනිම

රෝහිත් ශර්මා - ප. බ්‍රෝඞ්        9
ශීකාර් ධාවන් - ඇ. ටෙ‍්‍රඞ්වෙල් ප. බොපාරා    31
විරාට් කෝලි - ඇ. බොපාරා ප. ඇන්ඩර්සන්    43
දිනේශ් කාර්තික් - ඇ. මෝගන් ප. ටෙ‍්‍රඞ්වෙල්    6
සුරේෂ් රයිනා - ඇ. කුක් ප. බොපාරා    1
මහේන්ද්‍ර සිං දෝනි - ඇ. ටෙ‍්‍රඞ්වෙල් ප. බොපාරා    0
රවින්ද්‍ර ජදේජා - නොදැවී    33
රවිචන්ද්‍රන් අශ්වින් - දුවද්දී දැවී ගියා    1
බුවනේශ්වර් කුමාර් - නොදැවී    1
අතිරේක             7
එකතුව  ඕවර 20 කදී කඩුලූ 7ක් දැවී    129

කඩුලු වැටීම:  
1-19, 2-50, 3-64, 4-66, 5-66, 6-113, 7-119

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්

පන්දු යැවීම:
ජේම්ස් ඇන්ඩර්සන් : 4-0-24-1, ස්ටුවට් බ්‍රෝඞ් : 4-0-26-1, ටිම් බ්‍රෙස්නන් : 4-0-39-0, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් : 4-0-25-1, රවී බොපාරා : 4-1-20-3

 

එංගලන්ත කණ්ඩායම් ඉනිම

ඇලිස්ටෙයාර් කුක් - ඇ. අශ්වින් ප. යාදව්    2
ඉයන් බෙල් - ස්ට. දෝන ප. ජදේජා    13    
ජොනතන් ට්‍රොට් - ස්ට. දෝනි ප. අශ්වින්    20
ජෝ රූට් - ඇ. ඉෂාන්ත් ශර්මා ප. අශ්වින්    7
ඔයින් මෝගන් - ඇ. අශ්වින් ප. ඉෂාන්ත් ශර්මා    33
රවී බොපාරා - ඇ. අශ්වින් ප. ඉෂාන්ත් ශර්මා    30
ජෝ බට්ලර් - ප. ජදේජා    0
ටිම් බ්‍රෙස්නන් - දුවද්දී දැවී ගියා    2
ස්ටුවට් බ්‍රෝඞ් - නොදැවී    7
ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් – නොදැවී    5
අතිරේක             5
එකතුව  ඕවර 20 කදී කඩුලූ 8ක් දැවී    124

කඩුලු වැටීම:  
1-3, 2-28, 3-40, 4-46, 5-110, 6-110, 7-112, 8-113

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
ජේම්ස් ඇන්ඩර්සන්

පන්දු යැවීම:
බුවනේශ්වර් කුමාර් : 3-0-19-0, උමේෂ් යාදව් : 2-0-10-1, රවින්ද්‍ර ජදේජා : 4-0-24-2, රවිචන්ද්‍රන් අශ්වින් : 4-1-15-2, ඉෂාන්ත් ශර්මා : 4-0-36-2, සුරේෂ් රයිනා : 3-0-19-0

 

විරාට් කෝලි