ඉන්දියාවේ ඇමරිකා හා ඊශ්‍රාලෙය තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමට සැළැසුම් සකස් කර ඇතැයි කියන ශ්‍රී ලංකාවේ පකිස්තාන තානාපති කාර්යාලයේ ඉහළ නිළධාරියෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහය ඉල්ලීමට යයි.
ඉන්දියාව හා ශී්‍රලංකාව අතර 2010 වසරේදී අත්සන් කෙරුණු නීති කටයුතු සම්බන්ධ අවබෝධතා ගිවිසුම අනුව මෙම කටයුතු සිදුකෙරෙනු ඇතැයි පැවසේ.
තමිල්නාඩු පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකුගෙන් ලද තොරතුරු මත ඉන්දියා බුද්ධි අංශය සිදුකළ පරීක්ෂණයකින් මෙසේ ඉන්දියාවේ ඇමරිකා හා ඊශ්‍රායෙල තානාපති කාර්යාල වලට ප්‍රහාරයක් එල්ල කිරීම පිළිඹද තතු හෙළිව ඇත.
ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ යවන ලද එම තානාපති කාර්යාලයන්ගේ ඡායාරූපයන්, තානාපතිවරුන්ගේ තොරතුරු ආදී දේ කොළඹ පකිස්තාන තානාපති කාර්යාලයේ පිහිටි පරිගණකයකින් භාගත කරගෙන ඇතැයිද අනාවරණය කර ගැනීමට ඉන්දියා බුද්ධි අංශ සමත්ව තිබේ.
තවද මැලේසියාවේ සිට ව්‍යාජ ගමන්බලපත් ආධාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවට ගෙන ඒමට කර ඇති සැළැස්මක් සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගත් ශී්‍රලංකා මුස්ලිම් ජාතිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් දැනගැනීමට හැකිව ඇත.
ඉන්දියා ආරංචි මාර්ග සදහන් කරන්නේ දිගු කලක සිට සිදුකෙරෙන මිනිස් ජාවාරමක තතුද මේ සමගම අනාවරණය වන්නට පටන්නෙ ඇති බවයි.
ඉන්දියාවේ බුද්ධි අංශ තොරතුරු තහවුරු කරමින් මැලේසියා ආරක්ෂක අංශ මිනිස් ජාවාරම්හි යෙදුණු මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.ඔහුද ශී්‍රලංකා ජාතිකයෙකි.
මෙම පුද්ගලයාද ඉන්දියාවට අවශ්‍යව සිටින්නෙකි.
ශී්‍රලංකා බළධාරීන්ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අරඹා තිබේ.
ඉන්දියාව චෝදනා කරන්නේ මේ සියලූ කටයුතු සිදුවන්නේ පකිස්තානයේ අභ්‍යන්තර බුද්ධි අංශයේ අනුදැනුම මත බවයි.නමුත් පකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

